ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙම වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා පැවසීය.
අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම තීරණය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව පසුගියදා දැනුම් දුන්නේය.
එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙන බවත් අමාත්‍යවරයා එහිදී දැනුම්දී තිබේ.
මෙම වසරේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දීමනා සහ දිරි දීමනා ඔවුන් ගෙවන ආකාරය, එම නිලධාරීන් සඳහා කුලියට ගෙන දී ඇති වාහන සංඛ්‍යාව සහ කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තා ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා විදලිබල මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.


