ඉෂාරා සෙව්වන්දි එයි

(සාලිය සමන්) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියාය. ඇය සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස ද රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලීසිය, නේපාල ආරක්ෂක අංශ සමග එකතුවකළ මෙහෙයුමකදී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටියදී පෙරේදා අත්අඩංගුවට පත්වූවාය. ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු එහිදී අත්අඩංගුවට පත්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.