සෙව්වන්දි මාස එකහමාරක් මතුගම ඉදලා

(සංජය අත්තනායක) ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පසුගිය පෙබරවාරි මස 19 වැනිදා එම ඝාතනයෙන් පසුව මාස තුනක පමණ කාලයක් මෙරට සැඟව සිට ඇති බවත් ඇය මාස එකහමාරක කාලයක් මතුගම ප්‍රදේශයේ සිට ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් අද (16) පැවසීය. ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනය පිළිබඳව ඇයගෙන් කළ මූලික ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිවූ බවත් වැඩි දුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය. මතුගමට අමතරව මාතර ප්‍රදේශයේ ද සැඟව සිටි අතර ඉන් පසුව යාපනය ප්‍රදේශයෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පළාගියේ යැයි ඇය පැවසා ඇති බව කියන එම පොලිස් නිලධාරියා ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට යොදාගත් ගිනිඅවිය ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ මෙහෙයවීම මත වෙඩික්කරු අතට පත්කළ බව ද ඇය පැවසා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය. නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි, ජේ. කේ. බායි සහ සුරේෂ් සහ තක්‍ෂි නැමැති පුද්ගලයන් කොළඹ අපරාධ කොට්ඨාසය ද, ‘ජම්බුගස්මුල්ලේ බබී’ නැමැත්තා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ද, ‘ගම්පහ බබා’ නැමැත්තා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය ද, භාරයේ පසුවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.