දේශීය පුවත්, ප්‍රධාන පුවත
වෙඩික්කරුගෙන් මහ පාරේ ප්‍රශ්න කිරීම ගැන විශේෂ විමර්ශනයක්
(ඔගස්ටා පෙරේරා)
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසාගේ ඝාතනයේ වෙඩික්කරු යැයි කියන පුද්ගලයා නාවින්නේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී විමර්ෂණ නිලධාරීන් සැසිරුණු ආකාරය පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී උදයකුමාර වුට්ලර් මහතා එසේ පැවසීය.
විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැනීමක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ එය අධිකරණ ක්‍රියාවලියෙන් අවසන් කිරීම බවත් මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කිරීම සහ විඩීයෝගත කිරීම කිසිසේත්ම නොකළ යුතු බවත් වුට්ලර් මහතා කීය.
එය බාහිර පාර්ශවයක් විසින් පොලිස් නිලධධාරීයා සහයෙන් කළේ දැයි විමර්ෂණය කරන බව කී වුට්ලර් මහතා එම තත්වය නඩුවට සහ වින්දිත පාර්ශවයට අගයතියක් ලෙස සළකන බව ද සදඟන් කළේය.


