දේශීය පුවත්
හොර සිගරැට් ජාවාරමාට ලක්ෂ එකහමාරක දඩයක්
සමාජ මාධ්‍ය භාවිතා කරමින් නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදේශීය සිගරැට් අළෙවි කළ පුද්ගලයකුට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 150,000 ක දඩ මුදලක් නියම කළේය.
එම පුද්ගලයා සතුව රුපියල් හයලක්ෂ හතළිස්දහසක් පමණ වටිනා විදේශීය දුම්වැටි 4000ක් තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
මෝදර පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු මෙම නීති විරෝධී විදේශීය සිගරැට් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට අළෙවි කරන බවට කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ තොරතුරකට අනුව මෝදර පොලිසියේ නිලධාරීන් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා මෙම දඩ මුදල නියම කළේය.


