අපයෝජකයා වසර 41 ක් හිරේ

(සාලිය සමන්) රාත්‍රියේ කාලයේ හොරෙන් නිවසට ඇතුළු වී මවක සහ දියණියන් දෙදෙනෙක් මරණ බවට බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනය කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 41 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30) නියම කළේය. නිවසට ඇතුළු වීමේ චෝදනාවට වසර පහක සිර දඬුවමක් ,මව සහ දැරියන් දෙදෙනා බරපතල ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන් තුනට වසර 12 බැගින් වසර තිස් හයක සිර දඬුවම්ක් ලෙස නියම කෙරිණි. චෝදනා හතරට රුපියල් 15000 බැගින් 60000 දඩ නියම කළ මහාධීකරණ විනිසුරුවරයා  වින්දිතයන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය. වසර හතලිස් එකක සිර දඬුවම වසර දාහතකින් එකවර ගෙවී යන ලෙසට  නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි නොගවන්නේේ නම් සිට දඬුවම් කාලය වෙන් වෙන්ව වසර 41 ක් ගෙවී යා යුතු බවටද නියෝග කළේය. ශිවරාස චන්ද්‍ර රත්න නොහොත් පෝල් නැමැති චූදිතට මෙම දඬුවම් නියම කළේය . 2014 වසරේ මැයි මස13 වන දින වින්දිතයන්ගේ පියා  රාජකාරී කටයුත්තක් සඳහා පුත්තලම ප්‍රදේශයට ගොස් තිබියදී  නිවසේ  මව සහ දැරියන් දෙදෙනා සහ බාල පුතා පමණක් සිටින බව දැන දැනම  චුදිතයා එම නිවසට ඇතුලු වි පිහියක් පෙන්වා තර්ජනය කර වින්දිතයන් තිදෙනාට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම යන චෝදනාවන්ට වරදකරු කරමින් මෙසේ සිර දඬුවම් නියම කළේය. චුදිත මෙලෙස අයුතු ආකාරයෙන් මෙම නිවසට ඇතුළු වී ස්වාමිපුරුෂයාද නිවසේ නොසිටි අවස්ථාවේදී ආරක්ෂාවක් නොමැතිව සිටි මෙම කාන්තාව සහ ඇයගේ අවුරුදු 14ත් අවුරුදු හයත් දැරියන් දෙදෙනාද බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබීම කිසිසේත් සාධාරණී කරණය කළ නොහැකි  බව විනිසුරුවරයා සිය තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කළේය. නීතිපතිවරයා වෙනුවෙන් සිටි රජයේ අධි නීතිඥ සයිනී වීරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙම චූදිත හට පෙර ගෙවල් බිඳීම් සොරකම් කිරීම්  යන වැරදි ගණනාවක් තිබෙන බැවින්, පෙර වැරැද්දක් සඳහා අත්හිටවූ සිරදඬුවම් ලබා සිටියදී මෙලෙස අයුතු ලෙස නිවසකට රිංගා කාන්තාවන් තිදෙනෙකුට බරපතල ගණයේ ලිංගික අතවර සිදු කිරීම කිසිසේත් සාධාරණීකරණයට ලක් කළ නොහැකි බවය. වින්දිතයන් තිදෙනා  මහාධිකරණය විනිසුරුවරයා හමුවේ සඳහන් කර ඇත්තේ තමන්ට අධිකරණය මගින් සාධාරණයක් ඉටුව ඇති බැවින් වන්දි මුදල් අපේක්‍ෂා නොකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.