දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 5කින් බසී
(ඔගස්ටා පෙරේරා)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
නව ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 318 ක් බව ද එම සංස්ථාව කීය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 355 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 180 ක නොවෙනස්ව තවදුරටත් පවතින බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.


