ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අතිශය තීරණාත්මකයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) පාකිස්තතාානයේදී දැන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පින්ඩිහිදී හෙට (25) පැවැත්වීමට නියමිත තරගය දෙපිලටම වඩාත් තීරණාත්මක වී තිබේ. ශ්‍රී ලංකාව පළමු තරගයේදී සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ. ශ්‍රී ලංකාව මෙම තරගයේදී සිම්බාබ්වේ පහසුවෙන් පරාජය කර ධන ශුද්ධ ලකුණු වේගයක් නිර්මාණය කරගත හොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථාවක් ද නිර්මාණය වේ. සිම්බාබ්වේ පිල පාකිස්තානය හමුවේ තරග දෙකම පරාජයට පත්ව සිටීම නිසා මෙම තරගය ජයග්‍රහණය කළ හොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. එසේ නොවුණ හොත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිත පළමු වටයේ අවසන් තරගයේ ප්‍රතිඵලය මත ගොඩනැගෙන ශුද්ධ ලකුණු වේගය දෙස බලාසිටීමට සිම්බාබ්වේට සිදුවේ. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව තෙවැනි ස්ථානයේ පසුවෙයි. සිම්බාබ්වේ තරග තුනකට සහභාගි වී තරගයක් ජය ලබා දෙවැනි ස්ථානයේ රැදී සිටියි. පාකිස්තානය පළමු වටයේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජය ලබා තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.