ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගන් පිල පොළවෙ ගසති

(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


වනිඳු හසරංග (27/4) ඇතුළු පන්දු යවන්නන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම නිසා ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද (11) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 155 ක පහසු  ජයක් ලැබීය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිල තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.  
ලකුණු 309 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල ඕවර 33.5 කදී ලකුණු 153 කට සීමාවිය.
වනිඳු හසරංග නැවත වරක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත්තේය.
අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් පිල අකර්මණ්‍ය කිරීමට වනිඳුට හොඳ සහයෝගයක් දුන්හ.  
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 308
(පැතුම් නිස්සංක 18, කුසල් මෙන්ඩිස් 61, සදීර සමරවික්‍රම 52, චරිත් අසලංක නොදැවී 97, ජනිත් ලියනගේ 50, වනිඳු හසරංග 14, අස්මතුල්ලා ඔමල්ෂායි 56/3, ෆෂාල්හක් ෆාරුක් 55/1, නූර් අහමඩ් 54/1, කුයිස් අහමඩ් 55/1)
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 153
(ඊබ්‍රහිම් ශද්‍රාන් 54, රහමට් ෂා 63, ඩිල්ෂාන් මධුසංඛ 28/2, ප්‍රමෝද් මධුෂාන් 37/1, අසිත ප්‍රනාන්දු 23/2, වනිඳු හසරංග 27/4) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.