(ඔගස්ටා පෙරේරා)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉෂ්ඨ කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය.
කෘෂිකර්ම අමාත්යංශයේදී අද (16) පැවැති වැඩසටහනකින් පසුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා එසේ පැවසීය.
පාගමනින් වැඩිය ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම ඇත්තවශයෙන්ම ඉෂ්ඨ කිරීමට නොහැකි බවත් ඒක ඉෂ්ඨ කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා බවට පත්වන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
එම ඉල්ලීම ඉෂ්ඨ කිරීමට නොහැකි ඉල්ලීමක් යැයි අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගතයුතු බව ද ඔහු කීය.


