විවේචනය කිරීමේ කොන්ත්‍රාත්තුවක්..


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමානය වන විට පවතින සම්බන්ධතාව පිළිබඳව දැඩි හිත්අමාරුවෙන් පසුව මෙරට ප්‍රධාන දේශපාලඥයෙක් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කථා බහට ලක්ව තිබේ.
අදාල දේශපාලඥයා සහභාගි වන සියලුම ජන හමුවලදී එම සම්බන්ධතාව දැඩිව විවේචනය කිරීම කැපී පෙණෙන අතර ඔහුගේ විවේචනය තුළ යම් සැළවුණු දෙයක් තිබෙන බව ඔහු සහ ඔහුගේ දේශපාලනය පිළිබඳ දැනුමැත්තන්ගේ මතයයි.
ආසියාවේ වෙනත් ප්‍රබල රටක කොන්ත්‍රාත්තුවක් මත එම විවේචනය ක්‍රියාත්මක වන බවත් අදාල ප්‍රබල දේශපාලඥයා එම රට සමඟ සමීප සම්බන්ධතාවක් පවතවන බවත් තතු දන්නෝ පවසති.  
අදාල දේශපාලඥයා පසුගියදා පොතක් එළිදැක්වූ අවස්ථාවට අදාල රටේ මෙරට නියෝජිතයන් සහභාගි වී සිටි ආකාරයට ඔහු සහ එම රට අතර ඇති සමීප සම්බන්ධතාව පැහැදිළි වන බව ද ඇතැම්හූ පවසති.
– පණිවුඩකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.