ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ නගී


(මධූෂිකා පෙරේරා)
ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
නව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 392 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528 ක් දක්වා ඉහළ ගිය බවත් එම සංස්ථාව කීය.
භූමිතෙල් සහ  ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවූ බවත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 475 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.