ශ්‍රී ලංකාවට කඩුලු 6 ක පරාජයක්


(ෂෙනික ගමගේ)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී අද (3) පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
පළමු තරගයේදී දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු දෙකක් හිමිකරගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලැබීය.  
දකුණු අප්‍රිකානු පිල ලකුණු 78 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.2 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ශ්‍රී ලංකාව ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77
(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2)
දකුණු අප්‍රිකාව ඕවර 16.2 කදී කඩුලු 4 ට 80
(කුවින්ටන් ඩී කොක් 20, ඒඩන් මක්‍රම් 12, ට්‍රස්ටන් ස්ටුබ්ස් 13, හෙන්රිච් ක්ලාසීන් නොදැවී 19, වනිඳු හසරංග 22/2) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.