කට කතා
වරායේ උසස් නිලධාරියාගෙන් නියෝජ්‍ය ලොක්කාට ‘ජෙනරේටර්’ ව්‍යාපාරයක්
(ඔගස්ටා පෙරේරා )
වරාය අධිකාරියේ උසස් තනතුරක් දරණ, චෝදනා එල්ල වී ඇති නිලධාරියෙක් සහ වර්තමාන ආණ්ඩුවේ වරායට සම්බන්ධ නියෝජ්‍ය තනතුරක් දරන්නේ යැයි කියන පුද්ගලයෙක් හවුල් ව්‍යාපාර කරන්නේ යැයි වරාය සේවකයන් අතර කථාබහක් නිර්මාණය වී තිබේ.
අදාල උසස් නිලධාරියාට අඛණ්ඩව චෝදනා එල්ල වුවද ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිඳු පියවරක් නොගැනීමට හේතුව ආණ්ඩුවට සම්බන්ධ නියෝජ්‍ය තනතුරක් දරන්නේ යැයි කියන පුද්ගලයාගේ ආරක්‍ෂාව සහ රැකවරණය ලැබීම බව ද සේවකයෝ පවසති.
“කවුරු මොනවා කිව්වත් මට මුකුත් කරන්න බෑ. මම දෙවැනි ලොක්කට බිස්නස් කීපයක්ම අල්ලලා දීලයි තියෙන්නේ. එයා කියන දේ තමයි ලොක්කා අහන්නෙත්. මම එගොල්ලොන්ව නියමටම අල්ලලා තියෙන්නේ. භය නැතුව ඉන්න” යැයි වරායේ උසස් තනතුරක් දරණ නිලධාරියා ඔහුගේ හිතවතුන් සමඟ වාසිබස් දොඩවන බව ද වරාය සේවකයෝ පවසති.
වරාය සම්බන්ධ නියෝජ්‍ය තනතුරක් දරන්නේ යැයි කියන වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයෙක්ට අදාල උසස් නිලධාරියා ජෙනරේටර් සම්බන්ධ ව්‍යාපාරයක් ඇතුළු ආදායම් මාර්ග කීපයක් සකස් කරදී ඇති බව ද වරාය සේවකයෝ කියති.


