දේශීය පුවත් පැරණි නාස්තිකාර දේශපාලනය අවසන් කරනවා – ජනපති අනුර Posted on January 26, 2025January 26, 2025 by ෂෙනික ගමගේ 26 Jan (අනුරාධපුර – සජිත් චමින්ද) මැති ඇමතිවරුන්ට වරප්‍රසාද දෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරේදීී පැවසීය. ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බවත් පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා ඔවුන්ට පවසන බවත් ජනාධිපතිවරයා කීය. අනුරාධපුර විවේකානන්ද ක්‍රීඩාංගණයේ අද (26) පැවැති ජන හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “ජාතික ජන බලවේගය ලෙස අප පසුගිය මහ මැතිවරණට පෙර දිනයේදී අනුරාධපුරයට පැමිණ විශාල ජනකායක් සමගින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් සහිත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩු බලය ගැනීම සිදු වූයේ පරම්පරාවෙන්. තාත්තා, අම්මා අගමැති වීම නිසා දුවට බලය ලැබුණා. අයියා ජනාධිපති නිසා මල්ලිට බලය ලබා දුන්නා. මාමා ජනාධිපති නිසා බෑනා ජනාධිපතිවුණා. විශාල ලෙස මුදල් වියදම් කිරීම මඟින් ආණ්ඩු ගොඩ නැගූ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. කුමන්ත්‍රණ මගින් හා මාධ්‍යවල මතවාද ප්‍රචාරණය කරමින් ආණ්ඩු ගොඩනැඟුණා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ජනතාවගේ මැදිහත්වීමෙන්. ජනතාව විසින් එක්ව ගොඩනැගුණු මෙම ආණ්ඩුවට දැනට මාස දෙකක් ගත වී තිබෙනවා. එම නිසා මෙම ජයග්‍රහණය ලබාදුන් ජනතාව සමඟ සුහදව කතා කිරීමට අපි මෙම හමුව යොදා ගත්තා” Post Views: 83 ෂෙනික ගමගේ වරායේ උසස් නිලධාරියාගෙන් නියෝජ්‍ය ලොක්කාට ‘ජෙනරේටර්’ ව්‍යාපාරයක් සංචාරකයෝ 177,000 ක් සති 3 කදී එති