(ෂෙවෝන් ප්‍රනාන්දු)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2025) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය පන්ජාබ් කිංග්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර මොහාලි ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වේ.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තවත් තරගයක් හිමිවේ.
දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ගුජරාට් ටයිටන්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර හෙට (30) මොහාලිහිදී පැවැත්වේ.
එම තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු තරගයෙන් පරාජය වූ කණ්ඩායම අතර අවසන් සුදුසුකම් ලැබීමේ තරගය අහමදාබාද්හිදී ජූනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
මෙවර අයි.පී.එල්. අවසන් මහ තරගය අහමදාබාද්හිදී ජූනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.


