දේශීය පුවත්, ප්රධාන පුවත
නලීන්ට වසර 25 ක – මහින්දානන්ට වසර 20 ක සිරදඩුවම්
(සාලිය සමන්)
රජයට රුපියල් මිලියන 53 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් කළේ යැයි චෝදනාවට වරදකරු වූ හිටපු ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලීන් ප්රනාන්දු යන මහත්වරුන්ට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිරදඩුවම් නියම කළේය.
අධිකරණය හිටපු වෙළෙද ඇමැති නලීන් ප්රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25 ක සිරදඬුවමක් ද, හිටපු ක්රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවමක් ද, නියම කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්රීඩා සංගම්වලට බෙදා දීමෙන් මෙම පාඩුව වී ඇති බවට අධිකරණ තීරණය කළේය.


