එතෙර, ප්‍රධාන පුවත
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
(ජේම්ස් ඇන්තනී)
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධයට ඇමෙරිකාව මැදිහත්වීමත් සමඟ විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති බවත් වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙස ද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.


