ටෙස්ට් තරගයේ විසදුමක් නෑ

(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය විසදුමකින් තොරව අද (21) පස්වරුවේ අවසන් විය. ජයග්‍රහණය සදහා ඕවර 37 කදී ලකුණු 297 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල පස්වැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 72 ක් රැස්කර සිටියේය. බංග්ලාදේශය කඩුලූ 6 ක් දැවී ලකුණු 285 ක් රැස්කර සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවීය. නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 199 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 125 ක් රැස්කිරීමට සමත්විය. ෂැන්ටෝ මෙම තරගයේ ඉනිම දෙකේදීම ශතක රැස්කිරීම කැපීපෙනේ. ලකුණු පුවරුව බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 153.4 කදී සියලු දෙනා දැවී 495 ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 131.2 කදී සියලු දෙනා දැවී 485 බංග්ලාදේශය දෙවැනි ඉනිම ඕවර 87 කදී කඩුලු 6 ට 285 (ශද්මන් ස්ලාම් 76, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නොදෙවී 125, මුෂ්ෆිකුර් රහීම් 49, තරිදු රත්නායක 102/3) ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ඕවර 32 කදී කඩුලු 4 ට 72 (පැතුම් නිස්සංක 24, තයිජුල් ස්ලාම් 23/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.