මාස 7 කදී වෙඩි උන්ඩයට 35 ක් බිලි

(සාලිය සමන්) මෙම වසරේ (2025) මේ දක්වා කාලය තුළ මෙරට තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 59 ක් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන්වලින් පුද්ගලයන් 35 දෙනෙක් ඝතනයට ලක්ව ඇති බවත් පොලිස් මූලස්ථානය පැවසීය. කොස්ගම පොලිස් වසමේ බොරලුගොඩ, සුදුවැල්ල ප්‍රදේශයේදී කඳනාරච්චිගේ ශ්‍රීයන්ත කුමාර නොහොත් ‘කොටහැර පොඩ්ඩා’ නැමැත්තා ඉලක්ක කරමින් අද (6) අලුයම 2.00 ට පමණ වාර්තා වූ වෙඩිතැබීම එම සිද්ධීන්වල 59 වැන්න බවත් එහිදී පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබාඇති බවත් පොලිසිය සඳහන් කළේය. එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් පසුපස සිටි පුද්ගලයා ත්‍රීරෝද රථයකින් යමින් සිටි ‘කොටහැර පොඩ්ඩා’ නැමැත්තාට, 12 හැවිදිරි දැරියකට සහ ඇයගේ මවට මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.