ක්‍රීඩා
දසුන් – චාමික විස්සයි20 සංචිතයට
(ෂෙවෝන් ප්‍රනාන්දු)
බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස හිටපු නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න ඇතුළත්ව සිටිති.
ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් යුත් එම සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු ද ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දැරූ දසුන්ට පසුව සංචිතයේ ද ස්ථානය අහිමිවූ අතර ඔහු පසුගිය වසරේ ජූලි මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැත.
චාමික කරුණාරත්නට ද විවිධ හේතූන් නිසා ජාතික සංචිතවලට ස්ථාන අහිමිවූ අතර ඔහු 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගය මහනුවර, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග


