ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී මාට්ටු

(සාලිය සමන්) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව, අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම වසරේ පෙබරවාරි මස 19 වැනිදා අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළ අතර මෙම වෙඩි තැබීම කළ වෙඩික්කරුට ආධාර අනුබල දුන් බවට පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි මෙම කාන්තාව හදුනාගෙන තිබුණි. වෙඩිතැබීම කළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.