දේශීය පුවත්, පොලිස් ඇස, ප්‍රධාන පුවත
ඉෂාරා සෙව්වන්දි අද එයි
(සාලිය සමන්)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) ග දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලීසිය, නේපාල ආරක්ෂක අංශ සමග එකතුවකළ මෙහෙයුමකදී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට පත්වූවාය.
ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු එහිදී අත්අඩංගුවට පත්වූහ.


