රන් පවුමක් 342,000 යි

(සජිත් පීරිස්) මෙරට රත්තරන් මිල රුපියල් 5,000කින් අද (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සදඟන් කරයි. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 342,000ක් දක්වා අද (15) පෙරවරුවේ ඉහළ ගිය බවත් රන් පවුමක මිල ඊයේ (14) රුපියල් 337,000 ක පැවැති බවත් එම ව්‍යාපාරිකයෝ කියති. රුපියල් 365,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද රුපියල් 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.