ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 7 වැනි තැන

(ෂෙවෝන් ප්‍රනාන්දු) ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 15 ක් අවසන් වන විට ශ්‍රී ලංකා කාන්තා පිල ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉතිරි තරග තුනම ජය ලැබිය යුතුය. ශ්‍රී ලංකා පිල මේ වන විට තරග හතරකට සහභාගි වී තරග දෙකක් විසදුමකින් තොරව අවසන්වීම සහ තරග දෙකක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 2 ක් පමණක් ලබා සිටියි. ඕස්ටේ්‍රලියානු කාන්තා පිල තරග හතරකදී තරග තුනක් ජය ලබා, තරගයක් විසදුමකින් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු 7 ක් ලබා පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන අතර ඉන්දියාව ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.