දේශීය පුවත්, ප්‍රධාන පුවත
මනූෂ අත්අඩංගුවට
(සාලිය සමන්)
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට සුළුමොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පෙරවරුවේ පැමිණියේය.
අල්ලස් කොමිසම තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළේය.


