චමරිගේ බලාපොරොත්තු සුන්වෙයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ඉවතට විසිවිය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ තරග හතේදී බංග්ලාදේශයට එරෙහිව තරගය ජයලබා, තරග තුනක් පරාජය වී, තරග තුනක් විසඳුමකින් තොරව අවසන් වීමෙන් ප්‍රසාද ලකුණු 5 ක් හිමිකරගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතරට ඒමේ කිසිඳු අවස්ථාව නොමැති. ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවසුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සිය පළමු ඉලක්කය සහ බලාපොරොත්තු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.