(ෂෙවෝන් ප්‍රනාන්දු)
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී ගෝල් ගැලන්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ.
ගෝල් කණ්ඩායම එල්.පී.එල්. ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. ගෝල් කණ්ඩායම මීට පෙර අවසන් මහා තරග තුනකට සුදුසුකම් ලැබුවද එම අවස්ථා තුනේදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ වන විට අවස්ථා හතරකදී ශූරතාව දෙනා සිටියේය.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ කමිල් මිෂාර, මෙවර තරගාවලියේ වීරයා ලෙස ද, ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ චරිත් අසලංක අවසන් මහා තරගයේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ඕවර 19.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි.
ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඕවර 15.5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කිරීමට සමත් විය.


