(ෂෙවෝන් ප්රනාන්දු)
තුන්කොන් එකදින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර රාවල්පින්ඩිහිදී අද (18) පැවැති පළමු තරගයෙන් පාකිස්තානු ක්රීඩකයෝ ලකුණු 37 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 306 ක ඉලක්කය හඹාගිය ශ්රී ලංකා පිල ඕවර 48.1 කදී ලකුණු 268 කට සීමාවිය.
මෙම තුන්කොන් තරගාවලිය ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වේ.
පාකිස්තානු පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 305
(බාබර් අසාම් 45, සාද් බායිග් 39, සල්මන් අගා 107, හසන් නවාස් 37, අසිත ප්රනාන්දු 59/3, ඩිල්ෂාන් මධුසංඛ 67/2, ඒෂාන් මාලිංග 46/4)
ශ්රී ලංකා පිල ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 268
(කමිඳු මෙන්ඩිස් 44, කුසල් මෙන්ඩිස් 18, පවන් රත්නායක 79, ජනිත් ලියනගේ 60, දසුන් ශානක 28, ශහීන් ෂා අෆ්රිඩී 55/3, නසීම් ෂා 43/2, හැරිස් රවුෆ් 48/2, ෆාහීම් අෂ්රෆ් 49/2)


