වීසා ගාස්තුව ඩොලර් 50 යි


(ඔගස්ටා පෙරේරා)
විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ පූර්ණ බලය ආගමන විගමන දෙපාර්තමේන්තුවට තිබිය යුතු යැයි කැබිනට් මණ්ඩලය අද (6) පස්වරුවේ තීරණය කළේය.
විදේශිකයෙක්ට දින 30 ක වීසා සඳහා අය කළ ඩොලර් 50 ක ගාස්තුව තවදුරටත් පවත්වා ගෙන යාමට සහ ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල් හතේ පුරවැසියන් සඳහා මෙතෙක් නොමිලේ නිකුත් කළ වීසා තව දුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.