ක්රීඩා, දේශීය පුවත්
ක්රීඩා අධ්යක්ෂකට රග්බි ගැන අධිකරණයෙන් නියෝගයක්
(ඔගස්ටා පෙරේරා)
ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා ශ්රී ලංකා රග්බ් නිලවරණය පැවත්වීම පසෙක තබා
රග්බි ව්යවස්ථාව වෙනස් කිරීමට සූදානම් වීමට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් පවත්වාගෙන යාමට අභියාචනාධිකරණය අද (6) තීන්දු කර තිබේ.
ක්රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්රනාන්දු මහතා රග්බි ව්යවස්ථාව වෙනස් කිරීම සඳහා ප්රමුඛතාවය දෙමින්, රග්බි නිලවරණය පමා කිරිම සමබන්ධයෙන් පළාත් රග්බි සංගම් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ගත් තහනම තව දුරටත් වලංගු බව අභියාචනාධිකරණය අද ප්රකාශ කර තිබේ.
අධිකරණ නියෝගයට අනුව ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා නිලවරණයට පෙර විශේෂ මහා සභාව පැවත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා රටේ අධිකරණය නොසළකා හරිමින්, ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය පවසා ඇති ආකාරයට නිලවරණයට පෙර ව්යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කළ බවත් පළාත් රග්බි නියෝජිතයෝ චෝදනා කරති.


