(ෂෙවෝන් ප්රනාන්දු)
ජපානයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ රිදී පදක්කම හිමිකරගැනීමට ශ්රී ලංකා කාන්තා පිල අද (22) සමත් විය.
ඉන්දීය කාන්තා ක්රිකට් පිල එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය. පාකිස්තනයට තෙවැනි ස්ථානය හිමිවිය.
රන් පදක්කම සඳහා අද (22) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්රීඩිකාවෝ ලකුණු 147 කින් ශ්රී ලංකා කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 31 කින් බංග්ලාදේශ පිල පරාජය කළේය.
ඉන්දීය කන්තා ක්රිකට් පිල ඕවර 20 කදී කඩුලු 3 ට 216
(ශෆායි වර්මා 48, ස්මෘති මන්ධානා 79, හර්මන්ප්රීට් කායුර් 19, රිචා ගෝෂ් නොදැවී 49, චමුදි ප්රබෝදා 34/1)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 69
(චමරි අතපත්තු 29, කවීෂා දිල්හාරි 11, කෞෂිනී නුත්යාගනා 14, ශෆායි වර්මා 3/2, දීප්ති වර්මා 6/3, ශරියන්කා පටිල් 9/2, ශරී චරනි 13/2)


