(ෂෙවෝන් ප්රනාන්දු)
එංගලන්ත ක්රිකට් පිල ශ්රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය 2-1 කින් ජය ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ලන්ඩන් ඕවල් ක්රීඩාංගණයේදී අද (27) රාත්රී පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් එංගලන්ත ක්රීඩකයෝ ලකුණු 223 කින් ශ්රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 356 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා පිල ඕවර 29.1 කදී ලකුණු 132 කට සීමාවිය.
එංගලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 355
(ටොම් බැන්ටන් 126, හැරී බෘෘක් 77, ජොර්ඩන් කොක්ස් 76, අසිත ප්රනාන්දු 64/3, සචිදු කොළඹගේ 71/2)
ශ්රී ලංකා පිල ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 132
(කුසල් මෙන්ඩිස් 35, ජනිත් ලියනගේ 19, පවන් රත්නායක 18, ගුස් ඇට්කින්සන් 26/2, ලියම් ඩෝසන් 26/3)


