කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකත්වයට


(ෂෙවෝන් ප්‍රනාන්දු)
කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාකිස්තානයට එරෙහිව ලබන නොවැම්බර් මස 9 වැනිදා පාකිස්තානයේදී ආරම්භ වන තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී  කුසල් මෙන්ඩිස්   පළමුවරට නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
31 හැවිරිදි දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ධනංජය ද සිල්වාට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අහිමිවිය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.