පාකිස්තානය දෙවැනි ජයත් ලබයි

(ෂෙවෝන් ප්‍රනාන්දු)

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස ජය ලැබීමට අද (11) සමත් විය.
පාකිස්තානු ක්‍රීඩකයෝ රාවල්පින්ඩිහිදී අද පැවති දෙවැනි විස්සයි20 තරගයේදී ලකුණු 82 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කළ හැකි වූයේේ ලකුණු 133 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මාස් සදාකුට් පන්දු 51කින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 96ක් රැස්කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරු නායක ශහිබ්ශාදා ෆර්හාන් පන්දු 44 කින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 73 ක් රැස් කරමින් පාකිස්තානු පිලට සාර්ථක ආරම්භයක් ගෙනඒමට සමත් විය.
පාකිස්තානු පිල ඕවර 20කදී කඩුලු 3 ට 215
(ශහිබ්ශාදා ෆර්හාන් 73, ෆකාර් සමාන් 22, මාස් සදාකුට් 96, හසන් නවාස් නොදැවී 19,
මහීෂ් තීක්ෂණ 55/1, ඒෂාන් මාලිංග 41/1,
දසුන් ශානක 30/1)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 133
(සිනෙත් ජයවර්ධන 22, කමිඳු මෙන්ඩිස් 23, චමිදු වික්‍රමසිංහ 29, මහීෂ් තීක්ෂණ නොදැවී 32, මොහොමඩ් ඉම්රාන් 11/3, සල්මන් මිර්සා 28/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.