(සාලිය සමන්)
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
අද (18) පස්ව්රුවේ අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
සැකකරුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, ”කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් භාරයට ගත් බව ද එම නිලධාරියා පැවසීය.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවි දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කී එම උසස් පොලිස් නිලධාරියා එම පුද්ගලයා මීට පෙර ද ඇතෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙක් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.


