(ඔගස්ටා පෙරේරා)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන ක්‍රිකට් පුහුණුකරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට විශේෂඥා පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක සහ විශේෂඥා පන්දු රැකීමේ පුහුණුකරු ජොන්ටි රෝඩ්ස්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා තීරණය කළේය.
පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට විශේෂඥා පුහුණුව දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන අතර ජොන්ටි රෝඩ්ස්ට අමතරව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන අයගේ සේවය ද ගැනීමට නියමිතය.


