පදිංචිය මාරු කළහොත් පොලිසියට කියන්න

(විරාන් සවිතු)

මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් සෑම නිවසකම පදිංචිකරුවන්ගේ තොරතුරු පොලිසියට ගැනීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසයි.
කිසියම් නිවසක පුද්ගලයෙක් පදිංචි මාරුකරන්නේ නම් හෝ නව නිවසක පදිංචියට යන්නේ නම් හෝ ඔහු හෝ ඇයගේ තොරතුරු අදාල ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටු හරහා අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් වන ආකාරයට එම වැඩසටහන සකස් කරන බව ද තෙන්නකෝන් මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.