ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ‘සුපිරි හය’ වටයට

(ඔගස්ටා පෙරේරා)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර අද (28) පැවැති තරගයෙන් ඕස්ටේ්‍රලියානු යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග තුනෙන් දෙකක් ජය ලබා ‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඕස්ටේ්‍රලියානු පිල තරග තුනම ජය ලබා ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගත් අතර සිම්බාබ්වේ පිල තෙවැනි ස්ථානයට පත්විය.
ඒ අනුව ‘සී’ කාණ්ඩයෙන් ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීය.  
ඕස්ටේ්‍රලියානු යොවුන් පිල ලකුණු 209 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 48.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.  
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 208
(සුපුන් වඩුගේ 17, සිනෙත් ජයවර්ධන 16, රවිෂාන් ද සිල්වා 30, දිනුර කළුපහන 64, ශරුජාන් ශම්මුගනාදන් 21, කල්ලුම් විඩ්ලර් 28/3)
ඕස්ටේ්‍රලියා වයස 19 න් පහළ පිල ඕවර 48.5 කදී කඩුලු 4 ට 211
(හැරී ඩික්සන් 49, රයන් රික්ස් නොදැවී 77, ටොම් කැම්බල් නොදැවී 33, විශ්ව ළහිරු 24/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.