(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන් අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පල්ළෙකැලේ ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරගයට ක්රීඩා කරන කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩකයෙක් ඇතුළත්ව නැත.
ශ්රී ලංකා එක්දින කණ්ඩායම වසර ගණනාවක සිට වේග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩකයෙක් සමඟ එක්දින තරගවලට සහභාගි වුවද මෙම තරගයේදී දඟ පන්දු යවන වනිඳු හසරංග පමණක් තුන් ඉරියව් ක්රීඩකයක් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
හිටපු නායක දසුන් ශානක සංචිතයෙන් ඉවත් කළ පසු වේග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩකයා ලෙස චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් වුවද ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.
කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්රී ලංකා පිල:
අවිශ්ක ප්රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ප්රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තාන් පිල:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්රහිම් ශද්රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, නූර් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්



