(විරාන් සවිතු)
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘නිපෝන් පේන්ට්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2023/24) ශූරතාව දිනාගැනීමට අද (18) සමත් වූහ.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල පළමු කොටසේ ලීග් රග්බි ශූරතාව වසර 26 කට පසුව දිනාගැනීමට මෙහිදී කැපී පෙණෙන අතර සී. ආර්. අවසන් වරට 1998 වසරේ ලීග් ශූරතාව දිනාගෙන සිටියේය.
මහනුවර ක්රීඩා සමාජය වසර 8 ක් අඛණ්ඩව දිනා සිටි ලීග් රග්බි ශූරතා වාර්තාව මෙම පරාජයත් සමඟ බිඳ වැටුණි.
ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (18) පැවැති අවසන් තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල ලකුණු 33-25 කින් ප්රබල මහනුවර පිල පරාජය කිරීමට සමත් විය.
මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-6 ක් ලෙස පෙරමුණේ පසුවුවද සී. ආර්. පිල ලැබූ මෙම ඵෙතිහාසික ජයග්රහණය සහ මහනුවර පිල ලැබූ පරාජය පිළිබඳව අවදානය යොමු කළ හොත් එම ප්රතිඵල දෙකටම ප්රධාන හේතුව සී. ආර්. පිලේ වේගවත් ක්රීඩා රටාව සහ සැළසුම අකුරක් නෑර ක්රියාත්මක කිරීම යැයි පැහැදිළිය.
සී. ආර්. ක්රීඩකයෝ මෙවර ලීග් තරගාවලියේ පළමු වටයේ තරගයේදී නිත්තවෙලදී ලකුණු 38-26 කින් මහනුවර පිල පරාජය කරමින් පෙරළිය ඇරඹූ අතර සී. ආර්. පිල වසර 22 කට පසුව නිත්තවෙල ක්රීඩාංගණයේදී ලැබූ එම ජයග්රහණයත් සඟ ශූරතාව දක්වා ඒමට මඟ විවර විය.




