(ඔගස්ටා පෙරේරා)
ඇල්පිටිය දිවිතුරුගමදී මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙක් වෙඩි තබා අද (26) පෙරවරුවේ ඝාතනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කරන්දෙනිය මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපල් රොෂාන් කුමාර මහතා මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත් ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙක් බවත් පොලිසිය කීය.
කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුම අසළ දිවිතුරුගම පිහිටි මහජන සෞඛ්ය පරීක්ෂකවරයාගේ නිවසේදී ඔහු මෙම වෙඩි තැබීමට ලක්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


