උද්දික ප්‍රේමරත්න කළකිරී මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙයි


(ජනක කරුණාසේකර)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
උද්දික ප්‍රේමරත්න මහතා, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට තේරීපත්විය.
රටේ යම් ධනාත්මක වෙනසක් වේයැයි බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ද පිවිසිය ද එවැනි වෙනසක් නොවීම හේතුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව ඒ මහතා කථානායකවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.