(සාලිය සමන්)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කළයුතු යැයි කීවත් එය පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (28) කීය.
ජනාධිපතිවරණයක් ප්රකාශ කළ පසු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තෝරාගන්නා බවත් කවුරුන් කෙසේ පැවසුව ද මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොදුජන පෙරමුණ ප්රමුඛ පුළුල් සන්ධානයෙන් බවත් ඒ මහතා කීය.
වත්මන් රජයේ ඇමැති තනතුරු, රාජ්ය අමාත්ය ධුර ලබාගත් සුළු පිරිසක් මෙන්ම ජනාධිපතිවරයා සමඟ සිටින පොහොට්ටුවේ සුළු පිරිසක් ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්රමසිංහ මහතාට දියයුතු යැයි පවසන බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මහනුවර නෙල්ලිගල ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්යයට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.


