(ඔගස්ටා පෙරේරා)
‘පාස්කු දින’ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්රකාශක සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් අද (25) පැය හයකට ආසන්න කාලයක් ප්රකාශයක් සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.
හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 10.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවත් ඒ මහතා ප්රකාශය දීමෙන් පසුව පස්වරු 5.00 ට පමණ පිටවගිය බවත් එම නිලධාරියා සඳහන් කළේය.
‘ පාස්කු දින’ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ
පුද්ගලයන් පිළිබඳව තමන් දන්නා බව හිටපු ජනාධිපතිවරයා කළ ආන්දෝලනාත්මක ප්රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ මහතාගෙන් මෙම ප්රකාශය ලබාගත්තේය.


