(ජනක කරුණාසේකර)
On Arrival Visa නිකුත් කිරීමේ ගැටලුවට බොහෝ දෙනෙක් තමන්ට චෝදනා කළ ද එම වීසා නිකුත් කිරීම තමන්ට කිසිඳු සම්බන්ධයෙන් නොමැති බව සංචාරක, ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අද (3) පැවසීය.
සංචාරක අමාත්යංශයේදී අද පැවැති විශේෂ මාධ්ය හමුවේදී අමාත්ය හරීන් ප්රනාන්දු මහතා එසේ පැවසීය.
සංචාරක මණ්ඩලය එම On Arrival Visa නිකුත් කිරීම ක්රියාත්මක කරන බවට චෝදනා කළ ද එය සංචාරක අමාත්යංශයට අයිති කටයුත්තක් නොවන බවත් වීසා නිකුත් කිරීම වෙනම ආයතනයකට සම්බන්ධ බවත් අමාත්යවරයා කීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙය ක්රියාත්මක කිරීමේ හේතුවක් ඇති බව කී අමාත්යවරයා දින 30 වීසා වෙබ් අඩවියේ නොතිබීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ද කථා කළ බවත් අමාත්යවරයා කීය.
එම වීසා නිකුත් කිරීම ඉන්දියන් සමාගමට දීලායැයි කියන නිසා ඒ පිළිබඳව සෙවූ බවත් මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා ඒ පිළිබඳව පිළිතුරු දීමට සූදානමින් සිටින බවත් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සඳහන් කළේය.


