නිෂ්චිත මිලක් නැති කොත්තු – ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කරනවලු  


(සාලිය සමන්)
ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
රෝල්ස්, රොටි ඇතුළු කෙටි ආහාරවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව කියන ආපනශාලා හිමියෝ ප්ලේන්ටී සහ කිරි තේ මිල අඩු නොකරන බව ද සඳහන් කරති.
කෙසේවෙත් කොත්තුව, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාරවලට නිස්චිත මිලක් නොමැති අතර විවිධ ආපනාශාලාවල සහ විවිධ ප්‍රදේශවල කොත්තුව, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර විවිධ මිලට අළෙවි කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.