(විරාන් සවිතු)
නව වීසා ක්‍රමවේදය හදුන්වා දෙන අවස්ථාවේදී දින තිහේ වීසා පහසුකම ඇතුළත් කිරීම මඟ හැරී ඇති බවත් එම නව වීසා ක්‍රමවේදය පාර්ලිමේන්තුවේදී සම්මත කළ අවස්ථාවේදී දින තිහේ වීසා ඇතුළත්ව නොතිබුණු බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (6) පැවසීය.
මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම සහ ගුවන් තොටුපලේදී වීසා නිකුත් කිරීම පිළිබඳව මේ වන විට උද්ගතවී ඇති ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා එම අමාත්‍යංශයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා එසේ පැවසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පවැසීය.
“අපෙන් පොඩි අතපසුවීමක් වුණා. දින 30 වීසා එක තිබුණට අපි පාස් කරන වෙලාවේ ඩොකියුමන්ඩ් ඒකට ඇතුළත්ව නොතිබුණු නිසා සිස්ටම් එකට දාන්න බැරි වුණා. නමුත් හෙට සිට ඒක ඒකට ඇතුළත් කරනවා.
ඩොලර් 75 වීසා කියන්නෙ මාස හයක දෙවරක් ඇතුළත් වියහැකි වීසා එකක. දින 30 ක එක වරක් පමණක් පැමිණි හැකි වීසා ඩොලර් 50 යි. මාස හය වඩා වැඩි ගණන් අවුරුද්ද, අවුරුදු පහ සහ අවුරුදු දහය ඒවා තමයි වැඩි ගණනන් වීසා.
වී.එෆ්.එස්. ඉන්දීය සමාගමක් නොවෙයි. ඔය සිද්ධිය වුණ මැයි 1 වැනිදා වීසා කවුන්ටර්වල ඉදලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් 13 ක්. වී.එෆ්.එස්. එකට වීසා නිකුත් කරන්නත් බෑ, වීසා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒවා ක්‍රියාත්මක කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්.
අලුත් වීසා කාණ්ඩවලට යන්න සහ වී.එෆ්.එස්. එක මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් එක කමිටුවත් පත් කරලා සැප්තැම්බර් මස සිට මාස තුනක් සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කරලා වාර්තාවක් දුන්නා. එයට 2023 දෙසැම්බර් 4 වැනිදා අනුමැතිය ලැබුණට පසුව නැවත කැබිනට් පත්‍රිකාවක් යොමුකළා. එයට දෙසැම්බර් 11 වැනිදා අනුමැතිය ලැබීමෙන් පසුව දෙසැම්බර් 23 වැනිදා ගිවිසුමට අත්සන් කරනවා.
වීසා ගාස්තු සහ වී.එෆ්.එස්. එකට දුන්න එක දන්නෑ කියලා කිසිඳු ඇමතිවරයෙක්ට කියන්න බෑ” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


