(ෂෙනික ගමගේ)
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේදී දකුණු අප්රිකානු පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට දවාගැනීමට සමත් වූහ. දකුණු අප්රිකානු පිලට ජයග්රහණය සඳහා ලකුණු 78 ක පහසු ඉලක්කයක් බාරවිය.
ශ්රී ලංකා පිලේ පිතිකරුවන් හතරක් ලකුණු නොලබා දැවී යෑම සමඟම පිතිකරුවන් 8 ක් ලකුණු දහයේ සීමාවට ඒමට අපොහොසත්වීමෙන් ශ්රී ලංකා පිල අමාරුවේ වැටුණි.
ප්රබල පිතිකරුවන් වන නායක වනිඳු හසරංග (0) සහ සදීර සමරවික්රම (0) ලකුණු නොලබා දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
දකුණු අප්රිකානු දකුණතින් වේග පන්දු යවන ක්රීඩක ඇන්රිච් නෝර්ට්ජ් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ශ්රී ලංකා පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77
(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2)


