(ෂෙවෝන් ප්‍රනාන්දු, රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට..)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (26) රාත්‍රී සමත් විය.
ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 3 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (27) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 141 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී සම්පූර්ණ කළේය.
නායිකා චමරි අතපත්තු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48 කින් හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 63 ක් රැස් කරමින් ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කාරී බවට පත්වූවාය.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 140
(ගිල් ෆෙරෝසා 25, මුනීබා අලී 37, නීදා දාර් 23, ආලියා රියාෂ් නොදැවී 16, ෆාතිමා සානා නොදැවී 23, උදේෂිකා ප්‍රබෝධනී 23/2, කවීෂා දිල්හාරි 30/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 19.5 කදී කඩුලු 7 ට 141
(චමරි අතපත්තු 63 හර්ෂිතා සමරවික්‍රම 12, කවීෂා දිල්හාරි 17, අනුෂ්කා සංජීවනී නොදැවී 24, සුගන්ධිකා කුමාරි 10, සාදියා ඉක්බාල් 16/4)


